• වර්ෂ 1880 ජූනි 25 වන දින අම්බලන්ගොඩ උපත ලබමින් 1955 නොවැම්බර් 21 දින අප අතරින් සමුගත් එම්. සාර්ලිස් (මාලිගාවගේ සාර්ලිස්) බෞද්ධ චිත්‍ර කලාවේ නව පුනරුදයක් ඇති කළ ශිල්පියෙකි.
  • ටවර් නෘත්‍ය ශාලාවේ චිත්‍ර වස්ත්‍ර සකස් කළ රිචඩ් හෙන්රිකස්ගේ බටහිර චිත්‍ර කලා ශෛලීය ලක්ෂණ එම්. සාර්ලිස්ගේ බෞද්ධ චිත්‍ර නිර්මාණ සඳහා ආභාසය විය.
  • එම්. සාර්ලිස් ශිල්පියාගේ බෞද්ධ සිතුවම් නිර්මාණ, විහාර සිතුවම් හා ලිතෝ මුද්‍රිත සිතුවම් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි ය.
  • යටත් විජිත කරණය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී තිබූ බ්‍රිතාන්‍ය රැජිනගේ රූප වෙනුවට බෞද්ධ චිත්‍ර, සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය කිරීමට පුරෝගාමී වූයේ එම්. සාර්ලිස් ශිල්පියා ය.
  • ඔහු විසින් අඳින ලද බෞද්ධ සිතුවම් 1923 දී ජර්මනියට යවා ලිතෝ මුද්‍රිත ක්‍රමයෙන් පිටපත් ලබා ගැනිණ.
  • එවැනි සිතුවම් 36 ක් විය. පහත සඳහන් වන්නේ ඉන් කිහිපයකි.
    • සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
    • පියුම් පිට වැඩීම
    • ශිල්ප දැක්වීම
    • සිදුහත් යශෝධරා සරණ මංගල්‍යය
    • සිදුහත් කුමරු හා මව් බිසව
    • දුෂ්කර ක්‍රියාව
    • සීවලී මහ රහතන් වහන්සේ
  • එම්. සාර්ලිස් ශිල්පියා විසින් සිතුවම් ඇඳ ඇති බෞද්ධ විහාරස්ථාන කිහිපයක් පහත සඳහන් වේ.
    • කොළඹ මාලිගාකන්ද විහාරය
    • ඉඳුරුවේ යාලගම විහාරය
    • මතුගම පාන්තිය ශ්‍රී මංගල විහාරය
    • පොතුපිටියේ පුජාරාමය
  • එම්. සාර්ලිස් ශිල්පියාගේ සිතුවම්වල දැකිය හැකි කලා ලක්ෂණ:
    • මනා සම්පිණ්ඩනය
    • පර්යාලෝක ලක්ෂණ දැක්වීම
    • එළිය අඳුර හා ත්‍රිමාන ලක්ෂණ දැක්වීම
    • දීප්තිමත් වර්ණ භාවිතය
    • විචිත්‍ර සැරසිලි කරණය
    • බටහිර ස්වභාවික ශෛලියේ ආභාසය
  • එම්. සාර්ලිස් ශිල්පියාගේ සිතුවම් කිහිපයක් පිළිබඳ විමසා බලමු.

සිදුහත් කුමරු හා මව් බිසව (ලිතෝ මුද්‍රිත)

  • අපරදිග / බටහිර ස්වභාවිකවාදී චිත්‍ර ශෛලියේ ආභාසය අනුව රූප රචනය කර ඇත.
  • පුනරුද යුගයේ චිත්‍ර ශිල්පීන් අඳින ලද මරියතුමිය හා ජේසු බිළිඳා දැක්වෙන මැඩෝනා චිත්‍ර වල ආභාසය දැක ගත හැකි ය.
  • සිතුවමේ මානව රූප සඳහා විචිත්‍ර ලෙස යොදා ඇති වස්ත්‍රාභරණ පෙරදිග ශෛලියේ ආභාසය පෙන්නුම් කරයි.
  • විශේෂයෙන් ඉන්දියානු සම්ප්‍රදායේ ඇඳුම් පැලඳුම්වල ලක්ෂණ කැපී පෙනේ.
  • රූප වල ත්‍රිමාන ලක්ෂණ ඉතා හොඳින් මතු කර ඇති අතර විචිත්‍ර වර්ණ මාලාවක් ද වේ.
  • සිදුහත් කුමරු හා මව් බිසව දක්වා ඇත්තේ මාළිගා අභ්‍යන්තර සමීප රූප දර්ශනයක් ලෙස ය.
  • සමස්ත සිතුවමේ පෙරබිම සහ පසුබිම පමණක් දක්වා ඇත.
  • මාළිගා කවුළුවෙන් පෙනෙන පසුබිම පර්යාලෝක ලක්ෂණ සහිත භුමි දර්ශනයක් ලෙස දක්වා ඇත.

පියුම් පිට වැඩීම
(ලිතෝ මුද්‍රිත)

  • චිත්‍ර අවකාශයේ ගැඹුර මතු වන සේ පර්යාලෝක ලක්ෂණ පෙන්වමින් ස්වභාවිකවාදී ශෛලියකින් රූප සංරචනය කිරීම දක්නට ලැබේ.
  • පෙරබිම, මැදබිම සහ පසුබිම යන තල මත පර්යාලෝක ලක්ෂණයට අනුගත වෙමින් රූප හා සිද්ධි ගණනාවක් සිතුවම් කර ඇත.
  • සිතුවමේ පසුබිම අවකාශ පර්යාලෝක ලක්ෂණ සහිතව භුමි දර්ශනයකින් සමන්විත ය.
  • ත්‍රිමාන ලක්ෂණ මතුවන සේ විචිත්‍ර වර්ණ මාලාවක් භාවිත කර ඇත.
Vesak Image Vesak Image
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
Vesak Image Vesak Image
ශිල්ප දැක්වීම
Vesak Image Vesak Image
සීවලී මහ රහතන් වහන්සේ
Vesak Image Vesak Image
සිදුහත් යශෝධරා සරණ මංගල්‍යය