මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර (1883-1983)

  • මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර 20 වන සියවස මුල් භාගයට අයත් ලාංකේය ශාස්ත‍්‍රාලයීය යථාර්ථවාදී (Academic Realism) චිත‍්‍ර කලාවේ පුරෝගාමී ව කටයුතු කළ චිත‍්‍ර ශිල්පියෙකි.
  • වර්ෂ 1883 දී ගාල්ල දොඩන්දූවේ උපත ලද මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර (ඒබ‍්‍රහම් ක‍්‍රිස්ටෝපර් ග්‍රෙගරි සුරියආරච්චි අමරසේකර) පළමු ව නිර්මාණකරණයට පිවිසෙන්නේ කාටුන් චිත‍්‍ර ශිල්පියකු වශයෙනි.
  • බ්‍රිතාන්‍ය පාලකයින්ගේ අනුග‍්‍රහය යටතේ ස්ථාපිත කළ ලංකා කලා සංගමයේ a (Ceylon Society of Arts) පුරෝගාමි ශිල්පියකු ලෙස කටයුතු කර ඇත.
  • ශ‍්‍රී ලංකාව යටත් විජිතයක් ව පැවති වකවානුවක බි‍්‍රතාන්‍යයෙන් පැමිණි ශිල්පීන්ගෙන් ලබා ගත් ශාස්ත‍්‍රාලයීය චිත‍්‍ර කලා ආභාස, ලංකා කලා සංගමයේ ශිල්පීන්ගේ නිර්මාණවල විය.
  • මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකරගේ චිත‍්‍ර නිර්මාණවල බ්‍රිතාන්‍ය ශාස්ත‍්‍රාලයීය යථාර්ථවාදී චිත‍්‍ර කලා ශෛලී ලක්ෂණ පෙන්වයි.
  • ජීව රූප, තාත්වික රූප සහ භූමි දර්ශන ඇඳීමෙහි දක්ෂයකු වන ඔහු චිත‍්‍ර නිර්මාණය කිරීම සඳහා දිය සායම් හා තෙල්සායම් යන වර්ණ මාධ්‍ය දෙවර්ගය ම භාවිත කර ඇත.
  • මිනිස් රූප සම්පිණ්ඩන චිත‍්‍රවල බි‍්‍රතාන්‍ය ශාස්ත‍්‍රාලයීය චිත‍්‍රකලාවේ ප‍්‍රමුඛතම ලක්ෂණයක් වූ පර්යාලෝක රීතිය පදනම් වී තිබීම දැකිය හැකි ය.
  • ‍්‍රිමාන ලක්ෂණ සහිත වර්ණ භාවිතය සමග ආලෝකය හා අඳුර පිළිබඳ ශාස්ත‍්‍රාලයීය ඥානය වන කියරොස්කූරො (Chiaroscuro) වර්ණ කිරීමේ ලක්ෂණ ඔහුගේ නිර්මාණ තුළ දැකිය හැකි විය.
  • මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර විසින් කරන ලද නිර්මාණ කිහිපයක් ද පහත සඳහන් වේ.
    • විරැකියාව
    • යකැදුරාගේ දියණිය
    • පුස් පැටවා
    • රීඩ් මාවත (දිය සායම්)
    • රාජ්‍ය නායකයන්ගේ උඩුකය චිත්‍ර (ආලේඛ්‍ය චිත්‍ර)

යකැදුරාගේ දියණිය

  • වර්තමානයේ කොළඹ ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති යකැදුරාගේ දියණිය නමැති සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් කරන ලද නිර්මාණයක් වේ.
  • මෙම චිත්‍රය තුළින් නිරූපණය කර ඇත්තේ යකැදුරුගේ දියණිය යි. ඇය බලි ශාන්ති කර්මවල ඇඳුම් අයිත්තම් ඇඳ පැලඳ සිටින අතර ක්ෂණික ව බියට පත් වූ ආකාරය ද දක්වයි.
  • අභ්‍යන්තර හැගීම් නිරූපණය කරන යථාර්ථවාදී ශෛලීය ලක්ෂණ හා විස්මයජනක, ගුඪ තේමාවක් වස්තු විෂයය කරමින් නිර්මාණයේ ප්‍රකාශනය ගොඩනගා ඇත.
  • චිත්‍රයේ නිරූපිත ගිනි සිළුව මෙන් ම ඇගේ මුහුණේ හැඟීම් හා සැසඳෙන ලෙස නිර්මාණය කර ඇති වෙස් මුහුණත්, විශාල හෙවනැල්ලත් සමස්ත නිර්මාණයේ ප්‍රකාශනශීලීත්වය හා නාට්‍යානුසාර බව තීව්‍ර කරවයි.
  • රූප හා වර්ණ අර්ථාන්විත ව භාවිත කරමින් මෙහි පෙරබිම මත ප්‍රධාන රූපය වන යකැදුරු දියණිය හා පසුබිම සඳහා නිවසේ අභ්‍යන්තර බිත්තියක සීමාව නිරූපණය කිරීම දැකිය හැකි ය.
  • නිරූපිත වර්ණමාලාව කියරොස්කුරො (Chiaroscuro) ශිල්ප ක්‍රමය අනුව ආලෝකය හා අඳුර මනාලෙස මතු කර දක්වන ආකාරය දැකිය හැකි වේ.
  • යොදා ඇති වර්ණ ඒකවාර්ණික ලක්ෂණ ඇති සම්භාව්‍ය වර්ණමාලාවක් වේ.
  • වර්ණ භාවිතය තුළ අඳුර හා ආලෝකය හසුරුවනු ලැබ ඇත්තේ චිත්‍රයේ සමස්ත අදහස වඩාත් ඉස්මතු කරවන ලෙසිනි.

විරැකියාව (Unemployed)

  • මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර විසින් විරැකියාව නමින් නම් කර ඇති මෙම සිතුවම වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වඩුවාගේ ගෙදර යනුවෙනි.
  • මෙම සිතුවම කොළඹ ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මිත කැන්වස් නිර්මාණයකි.
  • මෙම සිතුවමෙන් වඩු ගෙදර ඇති දරිද්‍රතාව මතු කිරීම සඳහා ඉතා මැනවින් මානව රූප හා වර්ණ හැසිරවීම දැකිය හැකි ය.
  • ජනේලයෙන් නිවසට ලැබෙන ආලෝකය ඉතා ස්වභාවික ලෙස මතු කර දක්වා ඇත. එම ආලෝකයෙන් වඩුගෙදර නිවැසියන්ගේ මුහුණුවල ජනනය වන හැඟීම් ඉතා මැනවින් නිරූපණය කර ඇත.
  • ජනේල කවුලුවෙන් දක්වන ආලෝකයේ ස්වභාවය, කියරොස්කුරො (Chiaroscuro) වර්ණ ලක්ෂණ වලට අනුව ත්‍රිමාන ලක්ෂණ සහිතව භාවිත කර තිබීම දැකිය හැකිය.
  • සිතුවමේ දැක්වෙන වර්ණ ඒක වාර්ණික ලක්ෂණ ඇති සම්භාව්‍ය වර්ණ මාලාවක් වේ.
  • ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී ශෛලීය ලක්ෂණ අනුව යමින් මානව රූපයේ සුන්දරත්වය මෙන්ම අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශනයත් මෙම නිර්මාණයෙන් මනාව පිළිබිඹු කෙරේ.
  • නිර්මාණ අවකාශය මත ගැඹුර දක්වමින් පර්යාලෝක ලක්ෂණ සහිත ව පෙරබිම, මැදබිම හා පසුබිම යන තල, පර්යාලෝක ලක්ෂණ වලට අනුගත වෙමින් වර්ණ හා හැඩ තල සම්පිණ්ඩනය කර ඇත.
Vesak Image Vesak Image
බුලර්ස් මාවත
Vesak Image Vesak Image
දර පලන්නෝ
Vesak Image Vesak Image
රාජ්‍ය නායකයන්ගේ උඩුකය චිත්‍ර
Vesak Image Vesak Image
රාජ්‍ය නායකයන්ගේ උඩුකය චිත්‍ර