පැබ්ලෝ පිකාසෝ (1881-1973)

  • යුරෝපීය චිත්‍ර කලාවේ ඝනිකවාදි ප්‍රවණතාව ඉදිරිපත් කළ ප්‍රමුඛ චිත්‍ර ශිල්පියා පැබ්ලෝ පිකාසෝ (Pablo Picasso) ලෙස හඳුන්වා දිය හැකි ය.
  • ඔහු 20 වන සියවසේ ප්‍රවීණ සිත්තරුන් අතර අද්විතීය ස්ථානයක් හිමි කර ගත් අයෙකි.
  • පැබ්ලෝ පිකාසෝගේ පියා චිත්‍ර ගුරුවරයකු වූ අතර පිකාසෝගේ දක්ෂතා හඳුනා ගත් ඔහු තම පුත්‍රයා චිත්‍ර ශිල්පය වෙත යොමු කරනු ලැබීය.
  • පිකාසෝගේ කලා ජීවිතයේ වැදගත් සන්දිස්ථානයක් වන්නේ 1893-1900 දක්වා පැරිසියට ගොස් එහිදී ප්‍රවීණ ශිල්පීන් සමඟ එකට කටයුතු කරමින් ලබන කලා අධ්‍යයනයන් ය.
  • එම අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ චිත්‍ර නිර්මාණ වලට අයත් විවිධ සීමාවන් දක්නට ලැබේ.
    • නිල් යුගය (Blue Peiod) 1901-1904
    • රෝස යුගය (Rose Period) 1905-1906
    • ඝනිකවාදි යුගය (Cubism Period) 1907 න් පසු
  • නිල් යුගය හා රෝස යුගය තුළ පැබ්ලෝ පිකාසෝ විසින් අඳින ලද නිර්මාණ සඳහා වස්තු විෂය වූයේ තැන තැන යමින් රඟන නළු නිළියන්. වීදි මිනිසුන්, දුප්පතුන් හා හිඟන්නන් වැනි පුද්ගලයන් ය.
  • නිල් යුගය තුළ නිල් වර්ණයන්ගෙන් හා රෝස යුගය තුළ රෝස පැහැති වර්ණ මාලාවන්ගෙන් ද වර්ණ ගැන්වුණු මෙම චිත්‍ර සඳහා යොදා ගත් මානව රූප තාත්වික ශෛලියට සමානුරූපී වේ.
  • අප්‍රිකානු මූර්ති හා වෙස් මුහුණුවල ආහාස ලබමින් පිකාසෝ විසින් 1906 න් පසු නිර්මාණය කරන ලද කෘතීන් තුළ නව ශෛලීය ලක්ෂණ පිළිබිඹු වේ.
  • 1906 න් පසුව බිහිවුණ නිර්මාණවල පවත්නා ජ්‍යාමිතික හැඩතල හා පැතලි වර්ණ භාවිතය මෙන්ම බාහිර රේඛාකරණය සහිත රූප, ඝනිකවාදී සම්ප්‍රදායේ අගනා නිර්මාණ අතරට ගැනේ.
  • ඝනිකවාදී චිත්‍ර කලාව බිහි කළ පිකාසෝගේ එවැනි සුවිශේෂ නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.
    • අවිග්නෙන්හි යුවතියෝ
    • වයලින් වාදකයා
    • වැලපෙන ස්ත්‍රිය
    • ගුවර්නිකා

අවිග්නොන්හි යුවතියෝ

  • ස්පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝ විසින් 1907 දී අඳින ලද මෙම සිතුවම අවිග්නොන්හි යුවතියෝ නම් වේ.
  • චිත්‍රකලා ඉතිහාසයේ නව නිර්මාණාත්මක ශෛලියක් සමග නව යුගයක් උදා කළ නිර්මාණයකි.
  • මෙම සිතුවම ඝනිකවාදී කලා සම්ප්‍රදායයේ මුල්ම නිර්මාණය වශයෙන් හැඳින්වේ.
  • අප්‍රිකානු වෙස් මුහුණු හා මූර්ති වල කලා ආභාස මෙම නිර්මාණය සඳහා පදනම් වී ඇත.
  • ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ අවිග්නොන් නම් වීදියේ ජීවත් වූ විදී ස්ත්‍රීන්ගේ (අභිසරු ලියන්ගේ) ජීවිතය මෙම චිත්‍රය සඳහා වස්තු විෂය වී ඇත.
  • ස්ත්‍රී රූප 5 කින් සංරචනය වී ඇති අතර එම රූප සනික හැඩයන්ගෙන් යුතු වේ.
  • මෙම නව නිර්මාණ ශෛලිය ස්ත්‍රීන්ගේ බාහිර කායික සෞන්දර්ය වෙනුවට ඔවුන්ගේ අභ්‍යන්තර ගති ලක්ෂණ මතු කිරීමට උත්සාහ කිරීමක් විය.
  • අභිසරුලියන්ගේ හැඟීම් තීව්‍ර ලෙස ඉදිරිපත් කිරීම සඳහා සනික හැඩ හා අප්‍රිකානු වෙස් මුහුණුවල ලක්ෂණ මෙම රූප සඳහා භාවිත කර තිබේ.
  • වෙස් මුහුණු වල දැක්වෙන ගැඹුරු කැපීම් සහිත ලක්ෂණ මෙම ස්ත්‍රීන්ගේ මුහුණු වලින් දැක්වෙමින් මානසික ප්‍රතිවිරෝධි තත්ත්ව හා චිත්ත සන්තාප මනාව නිරූපණය කර ඇත.
  • ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී කලාවේ දැකිය හැකි පර්යාලෝකය හා ත්‍රිමාන ලක්ෂණ වෙනුවට විෂයානුබද්ධව නිරූපිත පර්යාලෝකය හා ත්‍රිමාන ලක්ෂණ මෙම නිර්මාණයෙන් දැක්වේ.
  • වර්ණ හා ගැඹුරු රේඛා සංයෝජන ද චිත්‍රයේ ප්‍රකාශනය තීව්‍ර කිරීමට මැනැවින් පාදක වී ඇත.
  • තෙල් සායම් මාධ්‍ය භාවිත කොට කැන්වසය මත නිර්මාණය කරන ලද මෙම සිතුවම දැනට නිව්යෝක්හි නූතන කලා කෞතුකාගාරයේ (Museum of Modern Art) නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත.

ගුවර්නිකා

  • පැබ්ලෝ පිකාසෝ විසින් 1937 දී නිර්මාණය කළ ගුවර්නිකා නම් චිත්‍රය සඳහා වස්තු විෂය වී ඇත්තේ 2 වන ලෝක යුද සමයේ දී ගුවර්නිකා නම් නගරයට බෝම්බ හෙළීමේ සිදුවීම යි.
  • යුද්ධයේ බිහිසුනු බව දැක්වෙන ප්‍රබල හා විශිෂ්ටතම නිර්මාණයක් වශයෙන් මෙම නිර්මාණය සැලකිල්ලට ලක්ව ඇත.
  • යුද්ධයේ අත්දැකීම් අනුව අඳින ලද මෙම නිර්මාණයෙන් හුදෙකලා බව, වැළපීම්, යුක්තිය ඉල්ලා මොරදීම, මළවුන් වැළැඳ ගැනීම ආදී හැඟීම් රාශියක් මැනවින් ප්‍රකාශ කර තිබේ.
  • චිත්‍රයේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා පිකාසෝ විසින් යොදන ලද මානව හා සත්ත්ව රූපවල විවිධ කොටස් මැනවින් සංරචනය කර ඇත.
  • සංරචනය කරන ලද රූප අතර අශ්ව, ගව හා ස්ත්‍රී පුරුෂ රූ කොටස් මෙන්ම විදුලි බල්බයක කොටස් වන අතර මෙම රූප සුන්බුන් වූ කොටස් ලෙස සම්පිණ්ඩනය කර ඇත.
  • චිත්‍රය සඳහා භාවිත රූප ඝනිකවාදී හැඩයන්ගෙන් යුක්ත විය. එම ඝනික හැඩ බාහිර කායික සුන්දරත්වය වෙනුවට අභ්‍යන්තර හැගීම් මැනැවින් ප්‍රකාශ කිරීමට සමත්ව ඇත.
  • පැතලි තලයක් මත විවිධාකාර හැඩතල සංරචනය කර ඇත්තේ. ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී කලාවේ දක්වන පර්යාලෝක හා ත්‍රිමාන ලක්ෂණ වලට වඩා වෙනස්ව ය. එනම් විෂයානුගත වන ආකාරයෙනි.
  • සීමිත වර්ණ මාලවක් වන අළු, සුදු, කළු පැහැති වර්ණ පමණක් භාවිත කරමින් චිත්‍රයේ ඒක වාර්ණිකත්වයක් ගොඩනගා ඇත.
  • හැඩතල හා වර්ණ ආදිය හේතු කොට ගෙන මෙම චිත්‍රය ඝනිකවාදී ශෛලියට අයත් වේ.
  • අධිතාත්විකවාදී කලා ලක්ෂණ ද මෙම නිර්මාණයෙන් දැකිය හැකි ය.
  • සෙන්ටි මීටර් 135x275 වන ප්‍රමාණයෙන් යුතු තෙල් සායම් මාධ්‍ය භාවිත කරන ලද මෙම විශිෂ්ට කැන්වස් නිර්මාණය වර්තමානයේ ස්පාඤ්ඤයේ මැඩඩ්රිහි කලාගාරයක ප්‍රදර්ශනයට තබා ඇත.
Vesak Image Vesak Image
වැලපෙන ස්ත්‍රිය
Vesak Image Vesak Image
වයලින් වාදකයා