සමාධි බුදු පිළිමය

  • අනුරාධපුරයේ අභයගිරි විහාර සංකීර්ණයට අයත් මහමෙව්නා උයනේ දක්නට ලැබෙන (කුට්ටම් පොකුණට නුදුරුව දක්නට ඇති) සමාධි පිළිමය, ශ්‍රී ලංකාවේ බුදු පිළිම අතර අතිවිශිෂ්ට නිර්මාණයකි.
  • බුදු පිළිමයක තිබිය යුතු අධ්‍යාත්මික ශක්තිය හා සමාධී ගුණය මැනවින් පිළිබිඹු වන නිර්මාණයකි.
  • ලඹසවන්, අඩවන් නෙත් හා මුහුණේ පිළිබිඹු වන උපශාන්ත බව හා මහාකරුණාව මෙම පිළිමයේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ වේ.
  • මෙම ප්‍රතිමාව අනුරාධපුර යුගයේ ක්‍රි.ව. 4-5 වන සියවසට පමණ අයත් සේ සැලකේ.
  • නෙළීමේ ශිල්ප ක්‍රමයට කරන ලද බුදු පිළිමයකි. එය පූර්ණ වශයෙන් මතුකර තිබේ.
  • මෙම ශෛලමය පිළිමයේ ඒකාංශ චීවරය, රැළි රහිත වන අතර ඇඟට ඇළුණු ස්වභාවයෙන් නිරූපිත ය.
  • බුදු පිළිමයේ අක්බමරු කේෂ කලාපය මත මඳ වශයෙන් උෂ්ණීෂය දක්වා ඇත.
  • ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසන ක්‍රමයෙන් යුත් පිළිමයකි.
  • බුදු පිළිමයේ කලා ලක්ෂණ අනුව ඉන්දීය ගුප්ත කලා සම්ප්‍රදායේ ආභාසය පෙන්වයි.
Vesak Image Vesak Image
සමාධි බුදු පිළිමය
Vesak Image Vesak Image
සමාධි බුදු පිළිමය
Vesak Image Vesak Image
සමාධි බුදු පිළිමය
Vesak Image Vesak Image
සමාධි බුදු පිළිමය

තොලූවිල බුදු පිළිමය

  • අනුරාධපුර තොලූවිලින් සොයාගැනීම නිසා මෙම පිළිමය "තොලූවිල පිළිමය" නමින් හැඳින්වේ.
  • අනුරාධපුර යුගයේ ක්‍රි. ව. 7 වැනි සියවස පමණ කාලයට අයත් ලෙස සැලකේ.
  • නෙළීමේ ශිල්ප ක‍්‍රමයට නිර්මාණය කරන ලද ශෛලමය ප‍්‍රතිමාවකි, මෙය පූර්ණව මතු කර ඇත.
  • ධ්‍යාන මුද්‍රාව හා වීරාසන ක‍්‍රමයෙන් වැඩ සිටියි.
  • ඉතා සුන්දර ප‍්‍රසන්න උපශාන්ත ස්වභාවයක් පිළිබිඹු කරන මෙම පිළිමය උසස් භාව ප‍්‍රකාශනයෙන් ද යුක්ත ය.
  • ලඹසවන්, අඩවන් නෙත් මෙම පිළිමයේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ වේ.
  • ඒකාංශ චීවරය, රැළි රහිත වන අතර ඇඟට ඇළුණු ස්වභාවයක් නිරූපිත ය.
  • බුදු පිළිමයේ අක්බමරු කේෂ කලාපය මත මඳ වශයෙන් උෂ්ණීෂය දක්වා ඇත.
  • ගුප්ත සම්ප‍්‍රදායේ ලක්ෂණ මෙම ප‍්‍රතිමාවෙන් ප‍්‍රකටවන බව විද්වතුන්ගේ මතය වී තිබේ.
  • මෙම පිළිමය කොළඹ කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය කෙරේ.
Vesak Image Vesak Image
තොලූවිල බුදු පිළිමය
Vesak Image Vesak Image
තොලූවිල බුදු පිළිමය
Vesak Image Vesak Image
තොලූවිල බුදු පිළිමය
Vesak Image Vesak Image
තොලූවිල බුදු පිළිමය

අවුකන බුදු පිළිමය

  • අනුරාධපුර යුගයට අයත් මෙම ප‍්‍රතිමාව හිටි බුද්ධ ප‍්‍රතිමා අතර සුවිශේෂ නිර්මාණයක් වශයෙන් සැලකේ.
  • කලාවැව අසල අවුකන ග‍්‍රාමයේ පිහිටි කළුගල් පර්වතයක අධි උන්නතව හා ආබද්ධව නෙළා ඇත.
  • පද්මාසනයක් මත සමභංග ඉරියව්වෙන් වැඩ හිඳින අයුරින් නෙළා ඇත.
  • දකුණතින් අභය මුද්‍රාව දැක්වෙන අතර වම් අත සිවුරු රැල්ල දරා සිටින අයුරින් දක්වා ඇත.
  • ඒකාංශ කළ චීවරය රිද්මයානුකූල රැළිරටාවකින් අලංකාර වන අතර ඇ`ගට ඇළුණු ස්වභාවයක් දක්වයි.
  • බුදු පිළිමයේ අක්බමරු කේෂ කලාපය සමඟ උෂ්ණීෂය දක්වා ඇත.
  • උෂ්ණීෂය මත සිරස් පතක් යොදා ඇත. එය පසුව එක් කළ අංගයක් බවට මතයක් පවතී.
  • මෙම ප‍්‍රතිමාවට ඉන්දීයාවේ අමරාවති සම්ප‍්‍රදායේ ඇතැම් කලා ලක්ෂණ බලපා ඇති බව විද්වතුන්ගේ අදහසයි.
  • බුදුන් වහන්සේගේ මහා තේජෝ බල පරාක‍්‍රමය හා මහාපුරුෂ ලක්ෂණ මැනවින් ප‍්‍රකට කරන බුදුපිළිමයක් ලෙස අවුකන බුදු පිළිමය සැලකනු ලැබේ.
  • අවුකන පිළිමය ක‍්‍රි.ව. 5 - 8 සියවස් අතර කාලයට අයත් නිර්මාණයක් ලෙස සැලකේ.
Vesak Image Vesak Image
අවුකන බුදු පිළිමය
Vesak Image Vesak Image
අවුකන බුදු පිළිමය
Vesak Image Vesak Image
අවුකන බුදු පිළිමය
Vesak Image Vesak Image
අවුකන බුදු පිළිමය

පන්කුලිය බුදු පිළිමය

  • අනුරාධපුර යුගයට අයත් මෙම ප‍්‍රතිමාව ධර්ම දේශනා කරන ස්වරූපය දක්වන විශිෂ්ට නිර්මාණයකි.
  • මෙම බුද්ධ ප‍්‍රතිමාව අනුරාධපුර පන්කුලිය නම් ග‍්‍රාමයේ, අශෝකාරාම විහාරයේ දැකිය හැකිය.
  • ශෛලමය බුදු රුවකි.
  • වීරාසන ක‍්‍රමයට වැඩ හිඳින අයුරින් නෙළා ඇත. පූර්ණ උන්නත ව මතුකර ඇත.
  • දකුණතින් විතර්ක මුද්‍රාව දැක්වෙන අතර වමතින් කටක හස්ත මුද්‍රාව පිළිබිඹු වන බවට මතයක් පවතී.
  • ලඹසවන්, අඩවන් නෙත්, උපශාන්ත බව මෙම පිළිමයේ ද දැකිය හැකි සුවිශේෂ අංග ලක්ෂණ වේ.
  • බුදුන්ගේ මහාකරුණාව සහිත ආධ්‍යාත්මික ගුණ ප‍්‍රකාශනය බුදු පිළිමයෙන් මතු කර දැක්වේ.
  • ඒකාංශ කළ චීවරය ඇඟට ඇළුණු රැළි රහිත ස්වභාවයක් දක්වයි.
  • අක්බමරු සහිත කේෂ නිරූපණය සමග මද වශයෙන් උෂ්ණිෂය දැක්වා ඇත.
  • ඒ මත යොදන ලද සිරස් පතක් තිබුණු බවට සාධක විද්වතුන් පෙන්වා දෙයි.
  • ක‍්‍රි.ව. 5-6 වැනි සියවස්වලට අයත් වන ලෙස සැලකෙන මෙම බුද්ධ ප‍්‍රතිමාවෙන් ගුප්ත කලා ශෛලියේ ලක්ෂණ දැකිය හැකි බව විචාරක මතයයි.
Vesak Image Vesak Image
පන්කුලිය බුදු පිළිමය
Vesak Image Vesak Image
පන්කුලිය බුදු පිළිමය
Vesak Image Vesak Image
පන්කුලිය බුදු පිළිමය
Vesak Image Vesak Image
පන්කුලිය බුදු පිළිමය