ඉසුරුමුණි කැටයම්
- ඉසුරුමුණි විහාරය හා එහි දක්නට ඇති කැටයම් අනුරාධපුර යුගයට අයත් ය.
- ඉසුරුමුණි විහාරය අනුරාධපුර තිසා වැව අසල රන්මසු උයනට දකුණින් පිහිටා ඇත.
- මෙම විහාරය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් ඉදි වූ විශාල සංඝාරාම පහෙන් එකක් විය.
- මහාවංශයේ සඳහන් වන ආකාරයට ඉසුරුමුණි විහාරය ක්‍රි.පු 3 වැනි සියවසේ දේවානම් පියතිස්ස රජු විසින් මිහිඳු මහතෙරුන් වෙතින් පැවිදි බව ලබාගත් අරිට්ඨ කුමරයා ප්‍රධාන ඉසුරු කුල දරුවන් පන්සියයක් දෙනා වැඩ සිටීම සඳහා කරවන ලද "ඉසර සමණ" විහාරය වෙයි.
- බෞද්ධ සිද්ධස්ථානයක් වුව ද මෙහි හමුවන කලාකෘති ආගමික වස්තු විෂයයන්ගෙන් වෙනස් තේමාවන් නිරූපණය කොට ඇත.
- අර්ධ උන්නත සහ අල්ප උන්නත නෙළීමේ ශිල්ප ක්‍රමයට සම්පිණ්ඩනය කරන ලද පහත දැක්වෙන මානව රූප හා සත්ත්ව රූප කැටයම් ඒ සඳහා සාධක වේ.
- පෙම් යුවල කැටයම
- රජ පවුල කැටයම
- මිනිසා සහ අශ්ව හිස කැටයම
- ඇතුන් ජල ක්‍රීඩා කරන විලාස දැක්වෙන කැටයම
- ඉසුරුමුණි කැටයම් වල වස්තු විෂය හා රූප සංරචනය සඳහා හින්දු ආගමික සංකල්ප හා ගුප්ත හා පල්ලව කලා නිර්මාණවල ලක්ෂණ ආභාසය ලැබී ඇතැයි විද්වතුන් විසින් පිළි ගැනේ.
- මෙම කැටයම්වල දැක ගත හැකි කලාත්මක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
- තලයට උචිත ලෙස සංරචනය කිරීමේ හැකියාව
- භාවාත්මක ගුණාංග මුහුණින් හා ඉරියව් වලින් ප්‍රකාශ කිරීම
- රිද්මයානුකූල ව ස්වභාවික හැඩතල හා ඉරියව් ඉස්මතු කිරීම
- සියුම් හා මට සිලිටු නිමාවකින් යුතු වීම
රජපවුල කැටයම
- ඉසුරුමුණි කැටයම් අතර ඇති සුවිශේෂ කැටයමක් ලෙස මෙම රජපවුල කැටයම සැලකේ.
- මෙම කැටයම අඩි 4ක් පමණ දිග අර්ධකවාකාර ගල් පුවරුවක අර්ධ උන්නතව නෙළන ලද කැටයමකි.
- අර්ධ කවාකාර ගල් පුවරු තලය මත මානව රූප මනාව සම්පිණ්ඩනය කර ඇත. මෙහි මධ්‍යයේ මහා රාජ ලීලාවෙන් හිඳින රුවකි. දකුණුපසින් දෑත ලය මත බැඳ හිඳගත් පිරිමියෙකු ද ඔහු පිටුපසින් මධ්‍ය රූපයට චාමර සලන තවත් අයෙක් (සේවකයෙක්) ද පෙන්නුම් කරයි.
- මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ට අනුව මෙහි නිරූපණය වනුයේ දුටු ගැමුණු රජ පවුලයි.
- රාජකීය වස්ත‍්‍රාභරණයන්ගෙන් සැරසී මැද සිටින රූපයෙන් දුටු ගැමුණු මහ රජතුමාත් එහි දකුණු පසින් එකත්පස්ව දෑත් බැඳ ගෙන සිටින රුවෙන් සාලිය කුමරුත් දැක්වෙතැයි පරණවිතාන සූරීන් අදහස් කරයි.
- අලංකාර වස්ත‍්‍රාභරණ හා පිරුණු අඟපසගින් යුතු රූපවල ඉරියව් රිද්මයානුකූල ස්වභාවික ස්වරූපයක් ගනියි.
- කැටයමේ සෑම රූපයකම මුහුණෙන් හා ඉරියව්වලින් භාවාත්මක ලක්ෂණ ප‍්‍රකාශිත වේ.
- සියුම් හා මටසිලිටු නිමාවකින් යුතුව නිර්මාණය කර ඇති කැටයමකි.
පෙම් යුවල කැටයම
- මෙම කැටයම ගුප්ත කලා සම්ප‍්‍රදායේ කලා ලක්ෂණ පෙන්වන නිර්මාණයකි.
- මෙම කැටයම හතරැස් ගල් පුවරුවක අර්ධ උන්නතව නෙළන ලද කැටයමකි.
- මෙම නිර්මාණය පිළිබඳ විවිධ මත පවතින අතර ඉන් ජනප‍්‍රිය මතවාදය වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් දක්වන අදහසයි. එනම් මින් නිරූපණය වන්නේ සාලිය අශෝකමාලා බවයි. මෙම අදහස දැක්වීමට හේතු වශයෙන් සාලිය අශෝකමාලා පෙම් පුවත හා සම්බන්ධ රන්මසු උයන මීට සමීපව පිහිටීම දක්වයි.
- මෙම නිර්මාණය පිළිබඳ පවතින වෙනත් මත කිහිපයක් පහත දැක්වේ.
- ශිව හා පාර්වති බව
- මංජුශ‍්‍රී බෝසතාණන්ගේ වේශයක් බව
- සෙබලෙක් හා ඔහුගේ පෙම්වතිය බව
- පෙම් යුවල කැටයමේ දැකිය හැකි සුවිශේෂ කලාත්මක ලක්ෂණ අතර අලංකාර වස්ත‍්‍රාභරණයන්ගෙන් යුතු වීම, ජීව ශක්තියෙන් යුතු පිරිපුන් ශරීරය, පේ‍්‍රමය පිළිබඳ භාවාත්මක හැ`ගීම් ප‍්‍රකාශනය ආදිය දැක්විය හැකි ය.
- සියුම් බව හා මටසිලිටු නිමාව, ස්වභාවික හැඩතල හා රිද්මයානුකූල ඉරියව් ඉස්මතු කිරීම මෙම කැටයමේ දැකිය හැකි අනෙක් සුවිශේෂ ලක්ෂණ වේ.
මිනිසා සහ අශ්ව හිස කැටයම
- ඉසුරුමුණි විහාරයේ පොකුණ හා සම්බන්ධ පිහිටි පර්වත බිත්තියේ මෙම මිනිසා හා අශ්වහිස දැක්වෙන කැටයම නිර්මාණය කර ඇත.
- මෙම කැටයමින් මිනිසෙකු වාඩිවී ඉදිරිය දෙස බලා සිටින අයුරු දක්වා ඇත.
- ඔහු හිඳ සිටින ඉරියව්ව මහරාජ ලීලාසන ක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ.
- වස්ත‍්‍රාභරණ ඉතා අඩුවෙන් හා චාම්ව යොදා ඇත. හිස් වැස්මක්, කන්වල හා අත්වල ආභරණ ද ඉනෙහි කෙටි ඇඳුමක් සහිත ව නිරූපණය කර ඇත.
- ඔහුගේ දකුණු බාහුවේ පටලවා ගත් ලණුව අශ්වයාට සම්බන්ධ ය. අශ්වයාගේ හිස පමණක් පෙනෙන්නට ඇත.
- පරණවිතාන මහතාට අනුව මිනිස් රුවෙන් වර්ෂාව ඇති කරන පර්ජන්‍යත්, අශ්ව හිසෙන් විදුලිය නොහොත් අග්නි සංකේතවත් කරයි.
- මෙම නිර්මාණය පිළිබඳ පවතින වෙනත් මත කිහිපයක් පහත දැක්වේ.
- යුධ සෙබලෙක්/ සෙනෙවියෙක් බව
- කපිල සෘෂිවරයා බව
- මෙම රූපයේ දැක්වෙන ප්‍රතාපවත් බව, චාම් ස්වභාවය හා අඟ පසගවල දිගටි ස්වරූපය නිසා පල්ලව කලා ලක්ෂණ බලපා ඇතැයි අනුමාන කෙරේ.
- සියුම් හා මටසිලිටි නිමාවකින් යුතුව අර්ධ උන්නත ව නෙළන ලද කැටයමකි.
ජල ක්‍රීඩා කරන විලාස දැක්වෙන කැටයම
- ඉසුරුමුණි විහාරයේ පොකුණ හා සම්බන්ධ පිහිටි පර්වත බිත්තියේ මෙම ඇත් රූප කැටයම දැකිය හැකි වේ.
- අල්ප උන්නත ව නෙළන ලද මෙම කැටයමින් ඇතුන් පොකුණට බැස දිය කෙලින (ජල ක්‍රීඩා කරන) විවිධ ඉරියව් දක්වා ඇත.
- මෙම ඉරියව් අතර පාර්ශවදර්ශී ඇත් රූප හා සෘජුදර්ශී පෙනුමෙන් යුතු රූප වේ.
- ඇතුන්ගේ චලනය හා රිද්මය, ක්‍රියාශීලිත්වය මනාව සම්පිණ්ඩනය කරන ලද නිර්මාණයකි.
- සියුම් හා මටසිලිටි නිමාවකින් යුතුවීම ස්වභාවික හැඩතල හා ඉරියව් ඉස්මතු කිරීම දැකිය හැකි ය.
- ඉන්දියාවේ පල්ලව කලා සම්ප්‍රදායට අයත් මහාබලිපුරම්හි ආකාශ ගංගාවරෝහණ කැටයමේ ඇත් රූපවලට සමාන ලක්ෂණ මින් පෙන්වන බව විචාරක අදහසයි.