ඒ. මාර්ක් (1933-2000)
- විසිවන සියවස අග භාගයට අයත් ශ්‍රී ලාංකේය නූතන දෘශ්‍ය කලාවේ පුරෝගාමී ව කටයුතු කළ දමිළ ජාතික ශිල්පියෙකි.
- යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ දී වර්ෂ 1933 දී උපත ලැබු ඒ. මාර්ක් ශිල්පියා චිත්‍ර විෂයයට පමණක් නොව මුර්ති කලාවට ද එක ලෙස ප්‍රවීණතාවක් දැක්වූ ශිල්පියෙක් වේ.
- රජයේ ලලිත කලා ආයතනයට ඇතුළත්ව ඔහු චිත්‍ර කලාව පිළිබඳ උසස් අධ්‍යාපනය ලබා ගෙන ඇත.
- චිත්‍ර පන්ති පැවැත්වීම හා චිත්‍ර ප්‍රදර්ශන සංවිධානය කිරීම සඳහා "විඩුමුරෙයික් කල් වී ඕවියක් කලහම්" (විවේක කාලවල චිත්‍ර කලාව හැදෑරීමේ එකමුතුව) නමින් සංගමයක් පිහිටුවීම ඔහුගෙන් සිදුවූ විශිෂ්ට සේවාවක් විය.
- ඔහුගේ චිත්‍ර නිර්මාණවල ලක්ෂණ අනුව ඒවා පහත සඳහන් ලෙස වර්ගීකරණයට ලක් කළ හැකි ය.
- වර්ණ පදනම් කරගත් යුගය
- රේඛා පදනම් කරගත් යුගය
- වර්ණ පදනම් කර ගත් යුගය තුළ ද අඳුරු යුගය, සුදු යුගය, නිල් යුගය (Dark period, White Period, Blue Period) ආදී විවිධ වර්ණ යුග හඳුනා ගත හැකි ය.
- රේඛා පදනම් කරගත් යුගය ඝනිකවාදී යුගය වශයෙන් හඳුන්වා ඇත.
- පැස්ටල් වර්ණ, දියසායම්, කොලාජ්, මිශ්‍ර මාධ්‍ය ආදිය භාවිත කරමින් සාමාන්‍ය කඩදාසි මත මෙම නිර්මාණ සිදු කර ඇත.
- ඔහු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට චිත්‍ර නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.
- සකුන්තලා
- තාණ්ඩවම්
- කාවඩි නැටුම
- රාගමාලිගෙයි
- ඔහුගේ මූර්ති නිර්මාණවල ඝනිකවාදී ලක්ෂණයන්ට අමතරව හෙන්රි මුවර්ගේ හැඩවල ලක්ෂණ ආහාස කර ගනිමින් ඔහුටම ආවේණික නුතන ශෛලියකින් හා ශිල්ප ක්‍රමයකින් යුතුව නිර්මාණ කිරීම දැකිය හැකි වේ.
සකුන්තලා (චිත‍්‍ර)
- ඒ. මාර්ක් ශිල්පියා විසින් නිර්මාණය කළ සිතුවම් අතර සුවිශේෂ නිර්මාණයක් වන්නේ සකුන්තලා නැමති චිත්‍රයයි.
- කාලිදාස විසින් රචිත සකුන්තලා කාව්‍යයේ ප්‍රධාන චරිතය වන සකුන්තලා මෙම නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත.
- පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ ගැන්වූ මෙම නිර්මාණයෙහි, ස්වභාවිකත්වය අභිබවා ව්‍යුක්ත කරණ (Abstraction) කලා ලක්ෂණ දැකිය හැකි වේ.
- ඝනිකවාදී ශෛලීය ලක්ෂණ මෙම නිර්මාණය සඳහා ආභාසය වී ඇත.
- ඝනික හැඩතල හා ළා පැහැති පැතලි වර්ණ නිසා මෙම නිර්මාණය ද්විමාන කලා ලක්ෂණ වලින් යුක්ත වුව ද රූපය වටා යොදා ඇති ඝන රේඛාකරණය නිසා ත්‍රිමාන ලක්ෂණ මතු කර පෙන්වයි.
- චිත්‍රයේ පසුබිම සඳහා යොදා ඇති වර්ණය තලය පුරා විහිදී යන ලෙස වර්ණ ගන්වා ඇත.
- නිර්මාණයේ යොදා ඇති සමස්ත වර්ණ, හැඩතල හා රේඛාකරණයෙන් සකුන්තලාගේ අභ්‍යන්තර භාවමය හැඟීම් ප්‍රකාශ කිරීමට ශිල්පියා උත්සාහ දරා ඇති බව පෙනේ.
මිනිසා සහා බල්ලන් (මූර්ති)
- ඒ. මාර්ක් ශිල්පියා විසින් නිර්මාණය කළ මූර්ති අතර සුවිශේෂ නිර්මාණයක් වශයෙන් මෙම නිර්මාණය හැඳින්විය හැකි ය.
- ඉදිරිපස ගාත් ඔසවා පසුපස ගාත්වලින් සිටගත් බල්ලන් දෙදෙනෙකු සමග සිටින මිනිසෙකුගේ රුවක් මෙම නිර්මාණයෙන් පිළිබිඹු කෙරේ.
- සිටගත් බල්ලන්ගේ රූප වලට වඩා කුඩාවට මෙහි මිනිස් රුව නිරූපණය කර ඇත.
- ඒ. මාර්ක් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම මූර්තිය සඳහා පදනම් ව ඇත්තේ ඔහුට ආවේණික නව්‍ය වු මූර්ති ශිල්ප ක්‍රමයකි.
- නුතන කලා භාවිතයන් සහිත මෙම නිර්මාණය සඳහා ඝනිකවාදි කලා ලක්ෂණ සහ හෙන්රි මුවර්ගේ මූර්ති නිර්මාණවල ලක්ෂණ ආහාස වී ඇති බව විචාරක අදහසයි.
- ඉවතලන/සොයාගත් ද්‍රව්‍ය (found objects) උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම නිර්මාණය සඳහා ප්ලාස්ටික් බෝතල, ප්ලාස්ටික් තල භාවිත කර ඇත.
- ප්ලාස්ටික් බෝතල් වල දිගටි හා විවර සහිත හැඩ, රිද්මයානුකූල ව හා සමබර ව අවකාශය සමග භාවිත කර ඇති අතර ඉදිරියට නෙරා ගිය හා ඇතුළට නෙරා ගිය කොටස් මතු කරමින් මෙම නිර්මාණය ඉදිරිපත් කර ඇත.
- විස්තරාත්මක බවින් අඩු සරල හැඩ සමග ඇති කරන සරල ප්‍රකාශනය මෙම කෘතියේ ඇති සුවිශේෂ ලක්ෂණයක් වේ.