• කාටුන් චිත්‍ර කලාව පුවත්පත් ක්ෂේත්‍රයට කේන්ද්‍රීයව නිර්මාණය වූ සුවිශේෂ නිර්මාණ කලාවකි.
  • පුවත්පතක කාටුන් චිත්‍ර වලට ප්‍රමුඛ ආකර්ශනයක් ලැබෙන අතර ඇතැම් විට පුවත්පතක ප්‍රධාන කර්තෘ වාක්‍යයට ද වඩා ඒවා ප්‍රබල වේ.
  • වචන රැසකින් කිවයුතු බොහෝ දේ කාටුන් චිත්‍රය මගින් කැටි කොට ප්‍රකාශ කෙරේ.
  • කාටුන් නිර්මාණ වල අරමුණ වන්නේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික දුර්වලතා පිළිබඳ හාස්‍යය දනවන අයුරින් විවරණය කිරීමයි.
  • සෑම තරාතිරමක ම පුද්ගලයන්ට මේවා රස විඳීමට හැකිවීම සුවිශේෂ ලක්ෂණයකි.
  • කාටුන් චිත්‍ර වල සාර්ථක බව හා සිත් ඇදගන්නා බව රැඳී ඇත්තේ එහි හාස්‍යය ගැබ් වී ඇති ප්‍රබලතාව අනුව ය.
  • හාස්‍ය රසය නිරූපණය කිරීමේදී මුඛ්‍ය ලක්ෂණය අනුව හැඩතල භාවිත කර ඇති ආකාරය ඉතා වැදගත් වේ.
  • රූප වල ක්‍රියාකාරිත්වය හාස්‍ය නිරූපණය සඳහා බලපාන ප්‍රධාන අංගයකි.
  • සමාජ, දේශපාලන තත්ත්වය විවරණය කිරීමේ දී ඒ සඳහා වන පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ කාටුනය මඟින් ඉතා මැනැවින් නිරූපණය කළ හැකිය.
  • සිද්ධි නිරූපණයේ දී භාෂාව භාවිත කරන ආකාරය ද වෙනස් වේ.
  • ශ්‍රී ලංකාවේ කාටුන් චිත්‍ර නිර්මාණ ක්‍රියාවලියේ පුරෝගාමී ශිල්පීන් අතර
    • ඔබ්රි කොලට්
    • ජෙෆ්රි යුනුස්
    • ඩබ්. ආර්. විජේසෝම
    • කැමිලස් පෙරේරා
    • ශිවඥන සුන්දරම්, යන ශිල්පීන් ප්‍රමුඛස්ථානය ගනියි.

ඔබ්රි කොලට් (1920 - 1992)

  • ශ්‍රී ලංකාවේ පුවත්පත් කාටුන් කලාවේ පුරෝගාමියා ලෙස ඔබ්රි කොලට් ශිල්පියා හැඳින්විය හැකි ය.
  • සමාජ, දේශපාලන ක්ෂේත්‍ර හාස්‍යයට ලක්වන අයුරින් කාටුන් නිර්මාණය කළ ශිල්පියකු ලෙස ද ප්‍රසිද්ධියක් ඉසිලු කෙනෙකි.
  • ඔබ්රි කොලට් විසින් 1945 දී පළමුවරට "ද ටයිම්ස් ඔෆ් සිලෝන්" නමැති පුවත්පතට කාටුන් නිර්මාණය කර ඇත.
  • කොලට 43 කණ්ඩායමට අයත් ශිල්පියෙකි.
  • ඔහු විසින් අඳින ලද 43 කණ්ඩායමේ සාමාජිකයන් දැක්වෙන කාටුන් නිර්මාණය විශිෂ්ට කෘතියකි.
Vesak Image Vesak Image
ඔබ්රි කොලට්
Vesak Image Vesak Image
43 කණ්ඩායමේ සාමාජිකයන්
Vesak Image Vesak Image
දේශපාලඥයින්ගේ කාටූන්
Vesak Image Vesak Image
වෙනත් කාටූන්

ජෙෆ්රි යුනුස් (1932-2003)

  • ඔබ්රි කොලට්ගේ මඟ පෙන්වීම සමඟ දේශපාලන කාටුන් කලාවට පැමිණි යුනුස් ප්‍රබල කාටුන් ශිල්පියක් වෙයි.
  • මුල්කාලීනව "ඇත්ත " පුවත්පතෙහි කාටුන් ශිල්පියකු ලෙස සේවය කළ ඔහු පසුකාලීන ව "රාවය" පුවත්පතෙහි කාටුන් ශිල්පියකු ලෙස සේවය කර ඇත.
  • ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රබල කාටුන් චරිතය ලෙස "අප්පුහාමි" හැඳින්විය හැකි ය.
Vesak Image Vesak Image
ජෙෆ්රි යුනුස්
Vesak Image Vesak Image
අප්පුහාමි
Vesak Image Vesak Image
අප්පුහාමි
Vesak Image Vesak Image
අප්පුහාමි

ඩබ්. ආර්. විජේසෝම (1925-2006)

  • 1930 දශකය ආරම්භයේ සිට කාටුන් චිත්‍ර සඳහා ජනප්‍රිය වූ පුද්ගලයෙකු ලෙස විජේසෝම හැඳින්විය හැකි ය.
  • 1950 දශකයේදී "ටයිම්ස් ඔෆ් සිලෝන්" පුවත්පතෙහි කාටුන් විශේෂාංගය නොකඩවා පවත්වා ගෙනයමින් ජනප්‍රිය තත්ත්වයට පත් විය.
  • ඔහු පොදුජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ "පුංචි සිංඤෝ" නමින් නිර්මාණය කරන ලද කාටුන් චරිතය ආශ්‍රිතවය.
  • ජාතික ඇඳුමෙන් යුතුව මුලදී නිර්මාණය කළ පුංචි සිංඤෝ ක්‍රම ක්‍රමයෙන් සිරුරෙන් වැහැරී, වැරහැලි සහිත ඇඳුමෙන් සැරසී ජීවත්ව සිටින ආකාරය පෙන්වයි.
Vesak Image Vesak Image
ඩබ්. ආර්. විජේසෝම
Vesak Image Vesak Image
පුංචි සිංඤෝ
Vesak Image Vesak Image
පුංචි සිංඤෝ
Vesak Image Vesak Image
වෙනත් කාටූන්

කැමිලස් පෙරේරා (1939-)

  • විසි වැනි සියවස අග කාටුන් ශිල්පීන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ශිල්පියෙකි.
  • ඔහු විසින් නිර්මාණය කරන ලද ජනප්‍රිය කාටුන් චරිත ගණනාවක් වේ.
  • ගජමෑන් චරිතය ඉතා ජනප්‍රිය කාටුන් චරිතය විය.
  • මීට අමතර ව සිරිබිරිස්, දැක්කොත් පද්මාවතී, මගෝඩිස් තුමා, පැටෝ, ටික්කා, දොං සේතං, සිමෝනා, ලපයා, ගොඩඩිං අයියා, ස්වීටි, සෙල්ලං සේන වැනි චරිත ලංකාවේ විවිධ තරාතිරම්වල ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත.
Vesak Image Vesak Image
කැමිලස් පෙරේරා
Vesak Image Vesak Image
කැමිලස්‌ගේ කාටූන්
Vesak Image Vesak Image
ගජමෑන්
Vesak Image Vesak Image
සිරිබිරිස්

සී. ශිවඥානසුන්දරම් (සිරිත්තිරන් සුන්දර්) (1924-1996)

  • වර්ෂ 1924 -1996 කාලය තුළ ජීවත්ව සිටි සී. සිවඥාන සුන්දරම ජනප්‍රිය දමිළ ජාතික කාටුන් චිත්‍ර ශිල්පියෙකු වශයෙන් සැලකේ.
  • ඔහු චිත්‍ර කලාව පිළිබඳ බොම්බායේ ජේ. ජේ ලලිත කලා පාසලෙහි (J.J. School of Arts) පුහුණුව ලැබුවේ ය. එසේම ඉන්දියාවේ සිටි කාලයේ රාජා රවී වර්මා යටතේ රූප ඇඳීමට පුහුණුව ද ලැබුවේ ය.
  • ඔහු ලෝක සත්ත නැමැති මරාටි පුවත්පත, BLITZ (බලිට්ස්) හා (කෝන්ව) CONCH නැමැති ඉංග්‍රීසි පුවත්පත් හා විවිධ දෙමළ පුවත්පත්වල කාටුන් ශිල්පියකු ලෙස සේවය කර ඇත.
  • වසර 33 කාලයක් පුරා ඔහු "සිරිත්තිරන්" නැමැති පුවත්පත පළ කරමින් එම පුවත්පතට කාටුන් නිර්මාණ ඉදිරිපත් කළ නිසා' සිරිත්තිරන් සුන්දර්' යන නමින් ප්‍රසිද්ධියට පත් විය.
  • ඔහු විසින් නිර්මාණය කරන ලද සවාරිත්තම්බර්, සින්නක්කුට්ටි, මයිනර් මච්චාන් වැනි චරිත අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඒවා ලෙස හැදින්වේ.
Vesak Image Vesak Image
සී. ශිවඥානසුන්දරම්
Vesak Image Vesak Image
වෙනත් කාටූන්
Vesak Image Vesak Image
වෙනත් කාටූන්
Vesak Image Vesak Image
වෙනත් කාටූන්