කියවීම් පත්‍රිකාව

  • වෙසක් දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීය වූ උතුම් වූ දිනයයි.
  • සිදුහත් කුමරුන්ගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිගන්වමින් මෙම උත්සවය සිදු කරයි.
  • වෙසක් උත්සවය අරභයා සිදු කරනු ලබන පිංකම් මගින් මානව සහයෝගිතාවය හා එක්සත්කම වැනි ආකල්ප වර්ධනය වේ.
  • වෙසක් උත්සවයේ දී ආමිස මෙන් ම ප්‍රතිපත්ති පූජාවට ද ප්‍රමුඛතාව ලැබේ.
  • බෞද්ධ පුජනීය ස්ථාන මුල් කොට ගෙන වෙසක් උත්සවය සමරනු ලැබේ.
  • බොදු බැතිමතුන් විසින් සිල් සමාදන්වීම, බෝධි පූජා, දන්සැල් හා ශබ්ද පුජා පැවැත්වීම මෙම උත්සවයේ පවත්නා සුවිශේෂී අංග වේ.
  • වෙසක් උත්සවයේ දී ආමිස මෙන් ම ප්‍රතිපත්ති පූජාවට ද ප්‍රමුඛතාව ලැබේ.
  • ගමේ පන්සල ප්‍රධාන කොටගෙන වෙසක් උත්සවය අලංකාරව පවත්වනු ලැබේ.
  • තොරණ, පහන් කුඩු, සුභ පැතුම්පත්, පහන් වැටි, බල්බ වැල්, කොඩි ආදී නිර්මාණ අංග තුළින් මෙහි අසිරිමත් බව වැඩි වේ.
  • වෙසක් නිර්මාණ කිරීමේ දී ටිෂු කඩදාසි. ගොක් කොළ, වර්ණ කඩදාසි, ඉරටු, පොල් කටු ආදී විවිධ ද්‍රව්‍යය භාවිත කරයි.
  • මිදුලේ විවිධ හැඩතල ඇඳ ඒ අනුව පහන් තබා දැල්වීමෙන් හා සකස්කරන පහන් වැටි ආශ්‍රිත අලංකාර පහන් සැරසිලි නිර්මාණ ද කරනු ලැබේ.
  • කෙසෙල් කොට ප්‍රයෝජනයට ගනිමින් ඒවායේ අලංකාර හැඩ යොදා වෙසක් පහන් ඒ මත තබා දැල්වීමෙන් අලංකාර සැරසිලි අංග නිර්මාණය කර ගනියි.
  • වෙල් කඳුරු ගෙඩි සහ නාවා ගස්වල ගෙඩි ආදිය ද පහන් සඳහා විකල්ප ක්‍රම වශයෙන් භාවිත කරයි. වෙසක් උත්සවය විවිධ ජාතීන්ගේ නිර්මාණ රසඥතා වර්ධනය කර ගැනීම සඳහා පාදක වේ.
Vesak Image Vesak Image
වෙසක් කූඩු
Vesak Image Vesak Image
පහන් සැරසිලි නිර්මාණ
Vesak Image Vesak Image
බෞද්ධ පුජනීය ස්ථාන
Vesak Image Vesak Image
වෙසක් තොරණ්

කාර්ය පත්‍රිකාව

  1. වෙසක් උත්සවය වැදගත් වන්නේ ඇයි?
  2. වෙසක් උත්සවය විචිත්‍රවත් කරන සැරසිලි 3ක් නම් කරන්න.
  3. වෙසක් සැරසිලි සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය කිහිපයක් නම් කරන්න.
  4. වෙසක් උත්සවයේ දී බෞද්ධයන් අනුගමනය කරන පූජා විධි දෙක මොනවාද?
  5. වෙසක් උත්සවයේ දී බෞද්ධයන් තුළ වර්ධනය වන ආකල්ප මොනවාද?
  6. වෙසක්පතක් ඇඳ වර්ණවත් කරන්න.