කියවීම් පත්‍රිකාව
- තෛපොංගල් උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයකි.
- දමිළ අවුරුදු ක්‍රමය අනුව වසරේ පළමුවන මාසය සඳහා "තෛ" යන නාමය භාවිත වේ.
- එය ජනවාරි මාසයේ නොහොත් "තෛ" මාසයේ 14 හෝ 15 දින පැවැත් වේ.
- අලුත් සහල් අලුත් මැටි මුට්ටියක දමා පිළියෙල කර කිරි ඉතිර වීම 'පොංගල්' යනුවෙන් හැඳින්වේ.
- උත්සවය පැවැත්වීමට පෙර ගෙබිම පිරිසිදු කොට ප්‍රධාන දොරටුවට බද්ධ වන සේ හිටවන ලද කෙසෙල් ගස් දෙකකින් තොරණක් සාදනු ලබයි.
- පිරිසිදු කරගත් ගෙබිම මැද කහ කුඩු සහ සහල් පිටිවලින් කෝලම් රටා නිර්මාණය කරයි.
- එකී කෝලම් රටාවේ මැද ලිපක් බැඳ කිරිබත් පිස පුද පූජාවන් කරනු ලබයි.
- කෝලම් රටාව මැද පුර්ණ කුම්භ සාදා පහනක් තබා කිරිබත් පිළියෙල කොට හිරු නැග එත්ම කිරි, උක්, හකුරු, පලතුරු සහ වී තබා හිරු දෙවියන්ට පූජා කරනු ලැබේ.
කාර්ය පත්‍රිකාව
- තෛපොංගල් උත්සවය වැදගත් වන්නේ ඇයි?
- තෛපොංගල් උත්සවය විචිත්‍රවත් කරන සැරසිලි හඳුන්වන්න.
- තෛපොංගල් සැරසිලි සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කිහිපයක් නම් කරන්න.
- මෙම උත්සවයේ දී හින්දුන් විසින් අනුගමනය කරන පූජා විධි මොනවාද?
- තෛපොංගල් උත්සවයේ දී හින්දුන් තුළ වර්ධනය වන ආකල්ප මොනවාද?
- තෛපොංගල් උත්සවයේදී ගෙබිම අලංකාර කරන කෝලම් රටාවක් ඇඳ වර්ණවත් කරන්න.