කියවීම් පත්‍රිකාව

  • රාමසාන් උත්සවය (ඊදුල් ෆිත්ර්) ඉස්ලාම් ප‍්‍රජාවට සුවිශේෂ වූ උත්සවයකි.
  • ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මාසය වන රමලාන් මාසයේ මුල් සඳ දුටු තැන් සිට දසවන මාසය වන ෂව්වාල් මාසයේ මුල් සඳ දක්වා දින 29 හෝ 30 ක් උපවාස කාලයකින් පසුව රාමසාන් උත්සවය එළඹේ.
  • මෙකී උපවාස කාලය තුළ ලොව පුරා විසිරී සිටින මුස්ලිම් බැතිමත්හු ඉතා අධික භක්තියෙන් යුතු ව උපවාසයේ නියැලෙති.
  • මෙකී උපවාසය "සව්ම්" යන අරාබි වහරෙන් හඳුන්වනු ලැබේ.
  • උපවාසයේ දී අලූයම නැමදුම් (සලාත්) වේලාව ආරම්භ වීමට සු`ඵ මොහොතකට පෙර සිට හිරු බැසයන කාලය වන තුරු කිසිදු ආහාරපාන ගැනීමක්, උපවාසය කඩවන දෙයක් කිරීමක් සිදු නොවේ.
  • සව්ම් සමාදන් (උපවාසයේ යෙදීම) මගින් කුසගින්නේ කුරිරු බව අවබෝධ වීම නිසා දිළින්දන්ට පිහිටවීමේ ආකල්ප ඇතිවනවා පමණක් නොව ඔවුහු එය ක‍්‍රියාවට නැංවීමට ද පෙළඹෙති.
  • එහෙයින් මෙම කාලයේ බහුල වශයෙන් "(Z)සකාත්" යන අනිවාර්ය දානය ද "සදකා" යන අනිවාර්ය නොවන දානය ද මුස්ලිම්වරු විසින් දෙනු ලැබේ.
  • "සව්ම්" නොහොත් උපවාසයේ යෙදීමේ දී සිත දමනය කර ජීවත් වීමට පුහුණුවක් ද ඉවසීමෙන් ජීවත් වීමේ හැකියාව ද ලැබේ. එමෙන් ම මෙමගින් මනුෂ්‍යා තුළ යහපත් ගුණදහම් වර්ධනය වන අතර යහපත් විනයක් පවත්වා ගැනීමට ද පුහුණුවක් ලැබේ."
  • වයස අවු 10 ට වැඩි සියලූම් මුස්ලිම් පිරිමින් හා ස්ත‍්‍රීන්ට උපවාසය රැකීම අනිවාර්ය වේ. එහෙත් කුඩා දරුවන්, රෝගීන්, වයෝවෘධයන්, ගැබිනි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් සඳහා සහන විකල්ප ඇත.
  • මුස්ලිම්වරු උපවාසයේ යෙදෙන කාලයේ වැඩි වශයෙන් යාඥා කරමින් (විශේෂයෙන්ම රාත‍්‍රී කාලයේ) හා ශුද්ධ වූ ‘කුර්ආනය’ පාරායනයේ (කියවමින්) පසුවෙති. ‘අල්ලාහ්’ දෙවියන්ගෙන් මේ සඳහා අධික ආනිශංස ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.
  • නව සඳ දැකීමෙන් පසු උපවාස කාලය අවසන් වේ.
  • උපවාස කාලය අවසන් වීමත් සමග මස්ජිදයට (දේවස්ථානයට) ගොස් යාඥා කර රාමසාන් උත්සවය පැවැත්වීම මුස්ලිම් ජනතාවගේ ප‍්‍රධාන කාර්යයක් වෙති.
  • රාමසාන් උත්සව දිනයේ කෙරෙන මහත් සත්ක‍්‍රියාවකි ”සකාතුල් ෆිත්රා” නම් දානය දීම.
  • පවුලේ සංඛ්‍යාව අනුව එක් අයෙකුට 2 නට බැගින් පස් දෙනෙකු සිටීනම් 10 නට දන් දිය යුතුයි.
  • එම දානය දිය යුත්තේ පසුදා උදය නැමදුම අවසන් වීමට පෙරය.
Vesak Image Vesak Image
කුරානය
Vesak Image Vesak Image
උපවාසය අත්හැරි පසු
Vesak Image Vesak Image
දානය
Vesak Image Vesak Image
අරාබි අක්ෂර වින්‍යාසයේ 'අල්ලාහ්' යන වචනය

කාර්ය පත්‍රිකාව

  1. ඔබට ලබාදී ඇති කියවීම් පත‍්‍රිකාව නිරීක්ෂණය කරන්න.
  2. සපයා ඇති පින්තූර හා පුවත්පත් ලිපි නිරීක්ෂණය කරන්න.
  3. ගුරුතුමා ලබාදෙන ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
  4. ගුරුතුමා ප‍්‍රශ්නවලට අදාළ පිළිතුරු සාකච්ඡා කිරීමේදී ඔබේ අදහස් දක්වමින් සාකච්ඡාවට සහභාගිවන්න.