කියවීම් පත්‍රිකාව

  • "නතාල" නැමති පෘතුගීසි වචනයෙන් බිඳි ආ නත්තල යන වචනයෙන් "උපත" යන අර්ථය ලබා දේ.
  • ලතින් භාෂාවෙන් ද "නතාලිස්" යන්නෙහි අර්ථය "උපත" වේ.
  • ලෝකය පුරා විසිරී සිටින ක‍්‍රිස්තියානි බැතිමත්හු ජේසු බිළිඳාගේ උපන් දින නත්තල ලෙසින් උත්සවාකාරයෙන් සමරති.
  • ජේසුස් වහන්සේ යනු මනුෂ්‍යත්වය ලබාගත් දේව පුත‍්‍රයා වේ.
  • නත්තල් උත්සවයේදී සමරනු ලබන්නේ ජේසුස් වහනසේගේ මෙම මනුෂ්‍යයකු ලෙස ඉපදීමයි.
  • ජේසුස් වහන්සේ සාමයේ කුමාරයාණන් ලෙස සලකනු ලැබේ.
  • ජේසුතුමාගේ මව මරියතුමිය වන අතර උන්වහන්සේ සුරැකි පියා ජුසේතුමාණන් වේ.
  • දෙසැම්බර් මස 24 වන දින මධ්‍යම රාත‍්‍රියේ ජේසු කුමරුන් උපන් බවට පිළිගැනේ.
  • ජන සංගණනයකට සහභාගි වීම සඳහා "බෙත්ලෙහෙමට" පැමිණි අවස්ථාවේ ගවලෙනක් තුළ දී ජේසු බිළිඳාගේ උත්පත්තිය සිදු වූ බව පිළිගැනේ.
  • ක‍්‍රිස්තුස් වහන්සේ විසින් සිදුකරනු ලැබූ දේශනා හා උන්වහන්සේගේ ප‍්‍රාතිහාර්යයක් ද සබත් දිනය නීති රීති කැඞීම හේතුකොටගෙන ජුදා නායකයින් උන්වහන්සේට විරුද්ධව නැගී සිටියෝ ය.
  • එම හේතූන් මුලකොටගෙන උන්වහන්සේ කුරුසියේ එල්ලා මරා දැමූහ.
  • සෑම වසරකම දෙසැම්බර් මස 24 වන දින මධ්‍යම රාත‍්‍රියේ ද දේවස්ථානයට රැස්වන කිතුනු බැතිමත්හු නත්තල හෙවත් ජේසු උපත උත්සවාකාරයෙන් පවත්වයි.
  • එදින දුගී ජනතාවට ආහාරපාන, ඇඳුම් පැලඳුම් දීම මෙන් ම තෑගි බෝග බෙදා දීම ද සිදු කරනු ලබයි.
  • කිතුනු බැතිමත්හු නත්තලට දින ගණනාවකට පෙර එම මංගල්‍යයට සැරසෙන අතර දේවස්ථානය හා නිවෙස් සැරසීම, ගවලෙන් සැදීම හා නත්තල් ගස් අලංකරණය කිරීම ආදිය සිදුකරනු ලබති.
  • එදින අලූත් ඇඳුම් පැලඳුම්වලින් සැරසීම මෙන් ම ප‍්‍රනීත ආහාරපාන පිළියෙල කිරීම ද ඔවුන්ගේ චාරිත‍්‍රයක් වේ.
  • නත්තල් සුබපැතුම්පත් හුවමාරු කර ගැනීම විශේෂ සිද්ධියක්වන අතර නත්තල් සීයා කුඩා දරුවන්ගේ ප‍්‍රියජනක බලාපොරොත්තුවක් වේ.
  • නත්තල් කැරොල් ගී, නත්තල් නාට්‍ය හා නත්තල ආශ‍්‍රිත චිත‍්‍රපට දර්ශන මෙම උත්සව කාලයේ දක්නට ලැබෙන විශේෂාංග වෙයි.
  • දුප්පතුන් සඳහා දාන මාන දීම මෙන් ම කුඩා දරුවන් වෙනුවෙන් තෑගි බෝග හා ඇඳුම් පැලඳුම් බෙදා දීම ද නත්තල් දිනයේ දී පවත්නා සුවිශේෂ චාරිත‍්‍ර වේ.
  • ජේසුස් වහන්සේගේ සාමයේ පණිවුඩය ලෝකවාසී සියලූ දෙනා විසින් අගය කළ යුතු බව පිළිගැනීමට ලක් වෙයි.
Vesak Image Vesak Image
නත්තල් ගස
Vesak Image Vesak Image
නත්තල් සීයා
Vesak Image Vesak Image
නත්තල් දිනයේ දේවස්ථානය සරසා ඇති අයුරු
Vesak Image Vesak Image
නත්තල් ආහාර

කාර්ය පත්‍රිකාව

  1. නත්තල් උත්සවය සමරන ආගමික ජන කොටස හා මාසය නම් කරන්න.
  2. නත්තල් උත්සවය හා බැඳුණු සැරසිලි අංග 4 ක් නම් කරන්න.
  3. නත්තල් උත්සවය පැවැත්වීමේ අරමුණ කුමක් ද?
  4. මෙම උත්සව කාලය තුළ සිදුවන යහපත් ක‍්‍රියා දෙකක් නම් කරන්න.
  5. නත්තල් සැරසිලි සඳහා භාවිතවන අමුද්‍රව්‍ය 05ක් නම් කරන්න.
  6. නත්තල් පතකට සුදුසු නිර්මාණයක් චිත‍්‍රණය කරන්න.