කියවීම් පත්‍රිකාව

  • බෞද්ධ ස්තූපය සිළුමිණ, කොත, කොත් කැරැල්ල, දේවතා කොටුව, හතරැස් කොටුව, ධාතු ගර්භය, පේසා වළලූ, පාදම යන ප‍්‍රධාන ස්තූපාංගවලින් සමන්විත වේ.
  • ශ‍්‍රී ලංකාවේ චෛත්‍යවල හතරැස් කොටුව යනුවෙන් හඳුන්වන අංගය ඉන්දියාවේ සාංචි ස්තූපයේ දී හර්මිකාව ලෙස හැදින්වේ.
  • ගර්භයේ හැඩය අනුව ප‍්‍රධාන චෛත්‍ය වර්ග 6 කි.
    1. ධාන්‍යාකාර චෛත්‍යය - වී ගොඩක හැඩය ඇති ස්තූපය.
    2. පද්මාකාර චෛත්‍යය - නෙළුම් මලක හැඩය ඇති ස්තූපය
    3. ඝණ්ඨාකාර චෛත්‍යය - ඝණ්ඨාවක හැඩය ඇති ස්තූපය
    4. බුබ්බුලාකාර/බුබුලාකාර චෛත්‍යය - දිය බුබුලක හැඩය ඇති ස්තූපය
    5. ඝටාකාර චෛත්‍යය - කළයක් මුනින් අතට නැමූ හැඩය ඇති ස්තූපය
    6. ආමලකාකාර/ආම්ලාකාර චෛත්‍යය- නෙල්ලි ගෙඩියක හැඩය ඇති ස්තූපය
Vesak Image Vesak Image
ප‍්‍රධාන චෛත්‍ය වර්ග 6
Vesak Image Vesak Image
ඉන්දියාවේ සාංචි ස්තුපය
Vesak Image Vesak Image
රුවන්වැලි මහා සෑය
Vesak Image Vesak Image
ථූපාරාමය

කාර්ය පත්‍රිකාව

  1. ස්තූපයක රූප සටහනක් ඇඳ ප‍්‍රධාන කොටස් නම් කරන්න.
  2. ප‍්‍රධාන ස්තූප වර්ග 6 නම් කර ඒවායේ රූප සටහන් අඳින්න.
  3. ශ‍්‍රී ලංකාවේ ඉපැරණි චෛත්‍ය කිහිපයක් නම් කර ඒවා පිහිටි ස්ථාන හා හැඩ නම් කර වගුවක් සකස් කරන්න.