කියවීම් පත්‍රිකාව
- කෝවිල හින්දු ආගමික ගොඩනැගිල්ලකි. එහි බිම් සැලැස්ම ප්‍රධාන කොටස් හතරකින් සමන්විතය. එනම් ගෝපර, මණ්ඩප, ප්රදක්ෂිණා පථය සහ ගර්භ ගෘහය යනුවෙනි.
- හින්දු කෝවිලක ප්‍රධානම ගෘහ නිර්මාණ අංගය වන්නේ එහි පිවිසුම් දොරටුව වන ‘ගෝපුරම්’ හෙවත් ‘ගෝපුර’යි. මෙහි මූර්තිමය නිර්මාණ රැසක් දැක ගත හැකිය. හින්දු ආගමික සාහිත්‍යයේ එන විවිධ සිද්ධී හා චරිත මෙම මූර්ති නිර්මාණවලින් නිරූපණය වේ.
- හින්දු ආගමික ගොඩනැගිල්ල විමාන අට්ටාල සිලින්ඩරාකාර පැන්නුම් කුලූනුවලින් යුක්ත වේ.
- ශිව දෙවියාගේ වාහනය වන ‘නන්දි’ ගවයාගේ රුව බොහෝ හින්දු දේවාල තුළ දැක ගත හැකි අතර එය බොහෝ විට කළු ගලින් නිමවා ඇත.
- ශ්‍රී ලංකාවේ හින්දු ආගමික ගෘහ නිර්මාණ කලාව කෙරෙහි බලපා ඇත්තේ දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ කලාව වේ.
- හින්දු ආගමික සංකේතය ලෙස භාවිත කරන්නේ වෘෂභ කොඩියයි.
- හින්දු දේවාලයේ ‘ගර්භ ගෘහ’ නමින් හඳුන්වන කොටසෙහි කුඩා හින්දු දේවාලයක හැඩයගත් ආකෘතිමය කලා කෘතියක් වේ.
කාර්ය පත්‍රිකාව
- හින්දු කෝවිලක දළ රූප සටහනක් ඇඳ ප්‍රධාන ගෘහ නිර්මාණ අංග නම් කරන්න.
- හින්දු කෝවිලක බිම් සැලැස්මක් ඇඳ එහි ප්‍රධාන කොටස් 03 නම් කරන්න.