කියවීම් පත්‍රිකාව
- අරාබියේ සිට ලංකාවට මුස්ලිම්වරු පැමිණිමේ ප‍්‍රතිඵලයක් ලෙස මුස්ලිම් මස්ජිද ලංකාවේ ඇතිවිය.
- උල් වූ තුඩක් සහිත ගෝලාකාර විශාල ශිඛරය එහි විශේෂ ගෘහ නිර්මාණ අංගයයි. එය කුෆා ලෙස හැඳින්වේ.
- පල්ලිය ඉදිරිපිට පිහිටුවා ඇති පොකුණ ද පල්ලියට පිවිසෙන දොරටුව මැදිකර තනා ඇති තොරණ ද පල්ලිය ආශ‍්‍රිත විශේෂ නිර්මාණාංග වේ.
- මෙයට අමතරව මුස්ලිම් පල්ලියේ දෙපස ඉදිකර ඇති කුලූනු ද එහි ගෘහ නිර්මාණාංගවලට අයත් ය. ඒවා මිනාර් හෙවත් මිනරෙට් යනුවෙන් හඳුන්වයි. මෙම කුලූනු මුදුන්වල ගෝලාකාර ශිඛර දැකගත හැකි ය.
- සෑම කුලූනකම මුදුනෙහි අඩ සඳ හා තාරකා සංකේත මූර්තිමත් කර ඇත.
- මුස්ලිම් පල්ලිවල චිත‍්‍ර හා ප‍්‍රතිමා නිර්මාණ දක්නට නොලැබේ.
- ඉස්ලාම් ආගමික ග‍්‍රන්ථය වන කුරානයේ ඇති පාඨ අරාබි බසින් පල්ලියේ බිත්ති මත සටහන් කර ඇත.
- මෙම පාඨ අත් අකුරු ලිවීමේ කලාවට (Calligraphy) අනුව විවිධ හැඩ මතුවන සේ අක්ෂර කලාත්මකව නිර්මාණය කර ඇත.
කාර්ය පත්‍රිකාව
- රූප සටහන් අධ්‍යයනය කරන්න.
- ඉස්ලාම් පල්ලියක දළ රූප සටහනක් ඇඳ එහි ප‍්‍රධාන කොටස් නම් කරන්න.
- ඉස්ලාම් පල්ලිය ආශ‍්‍රිතව දැකිය කලාත්මක නිර්මාණ අංග නම් කරන්න.