කියවීම් පත්‍රිකාව

  • ශ‍්‍රී ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල ක්‍රිස්තු දහම ව්‍යාප්ත වූයේ 16 වන සියවසේදී ය.
  • ක‍්‍රිස්තියානි දේවස්ථාන ඉදි කිරීම සඳහා පෘතුගීසීන් මුල් විය.
  • ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිස්තියානි දේවස්ථාන රෝමානු හා ගොතික් යන නිර්මාණ ශෛලි 2 අනුව නිර්මාණය කර ඇත.
  • රෝමානු ක‍්‍රමයේ දේවස්ථාන බොකු වහල හා රවුම් ආරුක්කුවලින් සමන්විත වේ. මෙම දේවස්ථානවල ප‍්‍රධාන දොරටුවට ඉහළින් අලංකාර වීදුරුවලින් නිමවා ඇති වෘත්තාකාර කවුළුවකි. එය Rose window ලෙස හැඳින්වේ.
  • ගොතික් ක‍්‍රමයේ දේවස්ථාන තුඩු සහිත ආරුක්කුවලින් හා දෙපසට දළ බෑවුම් ඇති වහල සහිතව නිර්මාණය කර ඇත. මෙම දේවාස්ථානවල තුඩු සහිත කවුළු රංජිත වීදුරුවලින් අලංකාර කර ඇත.
  • රංජිත වීදුරු නිර්මාණවල ක‍්‍රිස්තියානි ආගමට අයත් විවිධ අවස්ථා හා චරිත නිරූපණය කර ඇත.
  • දේවස්ථානයක බිමි සැලැස්ම කුරුසික හැඩය ගන්නා අතර එය අල්තාරය, කාමර, දිග් ශාලාව, කුලූනු, බයිබලය කියවන ස්ථානය හා පිවිසුම් දොරටුව යන අංගවලින් සමන්විත වේ.
  • දිග් ශාලාවේ එක් කොනක ‘අල්තාරය’ හෙවත් ‘පූජාසනය’ අලංකාර වැටක් සහිත ව නිමකොට ඇති අතර ඒ පිටුපස බිත්තියේ බොහෝ විට චිත‍්‍රයෙන්, කැටයමින් හෝ රංජිත වීදුරුවලින් ක‍්‍රිස්තුස් වහන්සේගේ චරිත අවස්ථා හා සිද්ධි නිරූපණය කර ඇත.
  • ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන කිතු දේවස්ථාන කිහිපයක් පහත දැක්වේ.
    1. බොරැල්ලේ - සියලූ ශාන්තුවරුන්ගේ දේවස්ථානය
    2. කොළඹ - ලන්දේසි පල්ලිය
    3. ගාල්ල - බලකොටුව තුළ පිහිටි කිතු දේවස්ථානය
Vesak Image Vesak Image
රෝමන් ක‍්‍රමයේ දේවස්ථානය
Vesak Image Vesak Image
ගොතික් ක‍්‍රමයේ දේවස්ථානය
Vesak Image Vesak Image
බොරැල්ලේ සියලූ ශාන්තුවරුන්ගේ දේවස්ථානය
Vesak Image Vesak Image
ශ්‍රී ලංකාවේ දේවස්ථානයක්

කාර්ය පත්‍රිකාව

  1. රූප සටහන් අධ්‍යයනය කරන්න.
  2. රෝමන් ක‍්‍රමයේ දේවස්ථානයක රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න.
  3. ගොතික් ක‍්‍රමයේ දේවස්ථානයක රූපසටහනක් ඇඳ කොටස් නම් කරන්න.
  4. දේවස්ථානයක බිම් සැලැස්මක් ඇඳ කොටස් නම් කරන්න.
  5. ශ‍්‍රී ලංකාවේ දේවස්ථාන කිහිපයක් හා ඒවා පිහිටි ප‍්‍රදේශ ඇතුළත් වගුවක් පිළියෙල කරන්න.