ථූපාරාම දාගැබ
- ලක්දිව ඉදිකළ පළමු දාගැබ ථූපාරාම දාගැබයි.
- ක්‍රි.පූ. 03 සියවසේ දේවානම් පියතිස්ස රජතුමා විසින් ඉදිකර ඇත.
- අනුරාධපුර යුගයට අයත් ය.
- බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි තැන්පත් කර ඇති බව වංශ කථාවල සඳහන් වේ.
- ස්ථූපයේ හැඩය ඝණ්ඨාකාර වේ.
- ස්තූපය ඉදි කිරීමෙන් පසු විවිධ කාල වකවානුවල රජ කළ රජවරුන් විසින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු හා ඊට විවිධ ඉදි කිරීම් එකතු කර ඇත.
- වර්තමාන ස්ථූපය විශ්කම්භය අඩි 164 1/2 ක් වූ කවාකාර වේදිකාවක් මත පොළොව මට්ටමෙන් අඩි 11.4 ක් උසින් පිහිටා ඇත.
- ස්තූපයේ උස අඩි 63 ක් හා විශ්කම්භය අඩි 59 ක් වේ.
- ලජ්ජිතිස්ස රජතුමා විසින් චෛත්‍ය වටකොට ධාතු ඝරයක් (වටදා ගෙයක්) ගොඩ නඟන
- එම වටදා ගෙයි දැනට ශේෂව ඇති ගල්කණු ශීර්ෂ කැටයම් කර ඇත.
- මෙම ගල් කුළුණු මත ශිඛරයකින් යුත් අර්ධ ගෝලාකාර පියස්සක් තිබෙන්නට ඇත.
- ථූපාරාමය අටමස්ථාන අතර වැදගත් පූජනීය ස්ථානයකි.
අතීත ථූපාරාමයේ ත්‍රිමාණ ආකෘතියක්
Thuparamaya by umeshH on Sketchfab
රුවන්වැලි මහා සෑය
- අනුරාධපුර යුගයට අයත් රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමා විසින් කරවූවකි.
- මෙෂ ස්ථූපය බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත ය.
- ස්ථූපය පේසා වළලු 03 කින් සමන්විත ය.
- ස්ථූපයේ කටයුතු හිම වීමට පෙර දුටුගැමුණු රජතුමාගේ අභාවය සිදු වූ අතර ඔහුගේ සොහොයුරු වූ සද්ධාතිස්ස රජතුමා එහි ඉදි කිරීම ද ඇත් පවුර හා සුදු පිරියම් ආදී කටයුතු ද සම්පූර්ණ කර ඇත.
- පසුකාලීන ව ශ්‍රී ලංකාවේ රජකළ රජවරුන් විසින් ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු හා එයට විවිධ නිර්මාණ අංග එක් කිරීම කරන ලදි.
- ස්ථූපයේ උස අඩි 350 ක් හා විශ්කම්භය අඩි 300 කි.
- මෙම චෛත්‍යයේ ඇති පළිගුව සහිත කොත අඩි 25 ක උසින් යුක්තය.
- ස්ථූපය පිහිටි චතුරස්‍රාකාර වේදිකාවේ සතර පැත්තේ මහා ථූපයේ ආකෘති ඇති කුඩා ස්ථූප 4 ක් ඉදි කර ඇත.
- චෛත්‍ය වටා ඇති ඇති පවුර ඉතා විශිෂ්ඨ කලාත්මක නිර්මාණයකි.
- දාගැබ සතර පැත්තෙහි ඇති වාහල්කඩ අලංකාර මල් ලියකම් වලින් අලංකාර වී ඇත.
- දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාව, විහාරමහා දේවියගේ ප්‍රතිමාව හා භාතිය තිස්ස රජතුමාගේ ප්‍රතිමාව, රුවන්වැලි සෑ ආකෘතිය ආදී නිර්මාණ රැසක් චෛත්‍ය මළුවේ දක්නට ඇත.
අභයගිරි දාගැබ
- ක්‍රි.පූ. 01 ශත වර්ෂයේ දී අභයගිරි දාගැබ වට්ටගාමිණී අභය (වලගම්බා) රජු විසින් ඉදි කරන ලද්දකි.
- ගිරි නැමති තිගද්ධාරාමය තිබූ ස්ථානයේ මෙම දාගැබ ඉදිකළ බැවින් අභයගිරි වූවායයි.
- මෙම විහාරය අටමස්ථානයට අයත් පූජනීය ස්ථානයකි.
- උත්තර චෙෙත්‍ය. අබාගිරි, බයාගිරි යන නම් වලින් ද මෙම ස්ථූපය හඳුන්වනු ලබයි.
- ස්ථූපයේ උස අඩි 235 කි. විශ්කම්භය අඩි 310 කි.
- මුල් අවදියේ ස්ථූපයේ සතරැස් කොටුව හා කොත් කැරැල්ල වෙනුවට ජත්‍රා වලියක් සහ ඒවා දරා සිටි යුපය නම් ස්තම්භයක් තිබී ඇත.
- මෙහි ඇති නිර්මාණ අතර අභයගිරි පිවිසුම් දොරටුව දෙපස ඇති සංඛ නිධි සහ පද්ම නිධි බහිරව රූප දෙක ඉතා කලාත්මක නිර්මාණයන් ය.
රන්කොත් වෙහෙර
- පොළොන්නරුවේ අලාහන පිරිවෙන් භූමියට බටහිර දෙසින් මෙම ස්ථූපය පිහිටා ඇත.
- මෙම දාගැබ නිශ්ශංක මල්ල රජතුමා විසින් කරවන ලද බව සඳහන් වේ.
- ස්ථූපය උසින් අඩි 200 ක් හා පාදයෙහි වට ප්‍රමාණය අඩි 186 ක් වේ.
- මෙම දාගැබ බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත ය.
- චෙෙතත්‍යයෙහි අට කොණේ පිළිම ගෙවල් අටකි.
- දාගැබෙහි සතරැස් කොටුවේ සෑම මුහුණතක ම සූර්යයා සංකේතවත් වන චක්‍ර දැකිය හැකිය.
- රන්කොත් වෙහෙර සතර දිසාවේ අලංකාර මල් ලියකම්වලින් යුත් වාහල්කඩ සතරකි.
කැලණි දාගැබ
- කැළණි ගං ඉවුරේ කැලණි දාගැබ පිහිටා ඇත.
- ශ්‍රී සිද්ධාර්ත ගෞතම ශාක්‍ය මුනිද්‍රයන් වහන්සේ බුදු වී අටවන වර්ෂයෙහි මණි අක්ඛිත නා රජුගේ ඇරයුමෙන් ලක්දිවට වැඩම කොට මිණිපළඟෙහි වැඩ සිට දහම් දෙසූහ. එම මිණි පළග තැන්පත් කොට යටාල තිස්ස රජු විසින් කැලණි ස්ථූපය කරවා ඇත.
- ක්‍රි.පූ. 05 සියවසේ පමණ මෙම චෛත්‍ය ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
- සොළොස්මස්ථානයන්න්ට අයත් විහාරයකි.
- දාගැබේ මුළු උස අඩි 90 කි.
- ස්ථූපය ධාන්‍යකාර හැඩයෙන් යුක්තය.