• ශ්‍රී ලංකාවේ ලෙන් චිත්‍ර අතර බහුලව දක්නට ලැබෙන්නේ මිනිසුන් සහ සතුන්ගේ රූප සටහන් ය.
  • එම සත්වයින් අතර අලියා, දිවියා, සිංහයා, කිඹුලා, පත්තෑයා, මුවා, ගෝනා, වඳුරා තලගොයා සහ මොණරා ද වෙති.
  • මේ චිත්‍ර දැකිය හැක්කේ සංකේතාකාරයට ය. දුන්න හා ඊතල දක්නට ඇත්තේ ද සංකේත දෙකක් ලෙස ය. මේ මඟින් ආදි මානවයාගේ ප්‍රධාන ජීවනෝපාය වූ දඩයම සංකේතවත් කර ඇත.
  • මෙම චිත්‍ර ඇදීමේ දී සායම් ලී කැබැල්ලකින් හෝ ඇඟිල්ලෙන් තැවරීමේ ශිල්ප ක්‍රම භාවිත කර ඇති බව පෙනේ.
  • අගුරු, කිරිමැටි, සත්ව ලේ. හිරිගල් වර්ෂා වශයෙන් යොදා ගෙන ඇති අතර වර්ෂා දියකර ගැනීම සඳහා වතුර හෝ මැලියම් භාවිත කොට ඇත.

තන්තිරිමලේ ගුහා චිත්‍ර

  • තන්තිරිමලේ ගුහා චිත්‍ර ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ය.
  • මෙම චිත්‍ර ඇඳීමේ දී පරිසරයෙන් සොයා ගත් වර්ණ භාවිත කර ඇත.
  • රේඛාවට මුල්තැන දෙමින් ස්වාධීනව මෙම චිත්‍ර සටහන් ඇඳ තිබීම විශේෂ ලක්ෂණයකි.
  • මෙම චිත්‍ර නිර්මාණයේ දී බහුල ව තේමා කොට ගෙන ඇත්තේ සත්ව රූ සහ මිනිස් රූපය.
  • මෙහි එන චිත්‍ර අතර කණ්ඩායම් සම්පිණ්ඩනය නැමති නිර්මාණය සුවිශේෂී එකකි.
  • සත්ව රූප අතරින් සොයා ගත් තලගොයා නැමති රූ සටහන ද විශේෂත්වයෙහි ලා සැලකිය හැකිය.
Vesak Image Vesak Image
නිවස තුළ සිටින මිනිස් රූප (කණ්ඩායම් සම්පිණ්ඩනය)
Vesak Image Vesak Image
මිනිස් රූ
Vesak Image Vesak Image
තලගොයා
Vesak Image Vesak Image
ඉර
Vesak Image Vesak Image
මිනිස් හා සත්ව රූප
Vesak Image Vesak Image
විවිධ සංකේත
Vesak Image Vesak Image
වෙනත් රූප
Vesak Image Vesak Image
තන්තිරිමලේ ගුහාව

දොරවක ගුහා චිත්‍ර

  • දොරවක ලෙන කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලයේ වරකා පොළට නුදුරු ද්දෙනිය වතුයායේ පිහිටා ඇත.
  • මෙය එකකින් අනික දරා සිටින විශාල ගල් පර්වත දෙකකින් සැදුණු ස්වභාවික ගල්ලෙනකි. අඩි 55ක් පමණ උස ය.
  • පුරා විද්‍යා කොමසාරිස් වරයෙකු වූ (කැණීම්) ඩබ්. එම්. විජේපාල මහතා මෙම ස්ථානය පිළිබඳ මූලික පරීක්ෂණයක් කොට ප්‍රාග් ඓතිහාසික මානවයන් එහි විසූ බවත් මෙහි චිත්‍ර ඔවුන්ගේ බවත් තීරණය කර තිබේ.
  • මෙම චිත්‍ර නිර්මාණය කොට ඇත්තේ පොළවේ සිට අඩි 6 1/2 පමණ උසකිනි. ජජ්‍යාමිතික හැඩයෙන් යුත් මෙම චිත්‍ර තද නොවූ ගල් බිත්තියේ තවත් ගලකින් කපා සකස් කර ගත් බව පෙනේ.
  • පී.එස්.ආර්. බුවනි (THE CEYLON ANTICURY 1918 - 1919) විසින් මෙම ලෙනේ චිත්‍ර අතුරින් ඇතා සහ පැටවා වශයෙන් චිත්‍ර දෙකක් හදුනා ගෙන ඇත.
  • මෙම ඇතා සහ පැටවා චිත්‍ර සටහන ඇත්තේ ගල්ලෙනෙහි ඇතුළත බිත්තිවලින් එකක ය. මෙහි තලගොයා යයි සිතිය හැකි රූ සටහනක් ද දක්නට ඇත.
  • ඊට අමතරව ඉර සහ හඳ දැක්වෙන චිත්‍ර සටහනක් ද වෙයි.
Vesak Image Vesak Image
ඇතා සහ ඇත් පැටවා
Vesak Image Vesak Image
තලගොයා
Vesak Image Vesak Image
දොරවක ගුහාව
Vesak Image Vesak Image
වෙනත් රූප

බිල්ලෑව ගුහා චිත්‍ර

  • උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බිල්ලෑව ගල්ලෙන පිහිටා ඇත.
  • මෙම ලෙන් බිත්තිවල රේඛා භාවිත කොට ඇඳි අලි රූප දැකිය හැකි ය.
  • මෙම චිත්‍ර අතර බහු මාධ්‍යයෙන් නිම කළ චිතු ද හමු වී තිබේ.
Vesak Image Vesak Image
හඳුනා ගත නොහැකි සංකේතයක්
Vesak Image Vesak Image
සත්ව රූපයක්
Vesak Image Vesak Image
මිනිස් රුවක්
Vesak Image Vesak Image
මිනිස් රූ දෙකක් සහ ගෙය
Vesak Image Vesak Image
වෙනත් රූප
Vesak Image Vesak Image
බිල්ලෑව ගල්ලෙන